එල් නිනෝ ව්‍යසනයෙන් ලංකාවට දැඩි බලපෑමක්.. පුද්ගලයින් 78,000කට ජීවනෝපාය අහිමි වෙයි.
Friday, 11 September 2026 - 18:43 | Views - 29
එල් නිනෝ (El Niño) දේශගුණික විපර්යාසය හේතුවෙන් දිවයින පුරා ඇති වූ දැඩි වියළි කාලගුණික තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 7ක පවුල් 25,037කට අයත් පුද්ගලයින් 78,368 දෙනෙකුගේ ජීවනෝපාය මාර්ග සම්පූර්ණයෙන්ම පාහේ අහිමි වී ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි ඊයේ (10) පාර්ලිමේන්තුවේදී නිල වශයෙන් ප්‍රකාශ කර සිටියා.

අමාත්‍යවරයා පෙන්වා දුන් පරිදි, මොනරාගල, බදුල්ල, රත්නපුර, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල ජනතාව මෙම දේශගුණික බලපෑමට දැඩි ලෙස මුහුණ දී සිටිනවා.

කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, වැවිලි කර්මාන්තය, ස්වයං රැකියා, කුඩා ව්‍යාපාර සහ පශු සම්පත් ආශ්‍රිත කටයුතුවල නිරත පිරිස් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ජනතාවගේ දෛනික ආදායම් මාර්ග මේ හේතුවෙන් ඇණහිට ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.

ලබාදී ඇති නිල සංඛ්‍යාලේඛනවලට අනුව, වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ කෘෂිකර්ම ක්ෂේත්‍රයටයි.

ඒ අනුව කෘෂිකර්මාන්තයේ නිරත පවුල් 12,304කට අයත් පුද්ගලයින් 36,875 දෙනෙකු මේ නිසා දැඩි පීඩාවට පත්ව තිබෙනවා.

මීට අමතරව වැවිලි ක්ෂේත්‍රයේ පවුල් 2,333කට අයත් පුද්ගලයින් 7,889 දෙනෙකුටත්, ධීවර කර්මාන්තයේ නිරත පවුල් 2,107කට අයත් පුද්ගලයින් 7,491 දෙනෙකුටත් ස්වකීය ජීවනෝපායන් අහිමි වී ඇති බව වාර්තා වුණා.

එමෙන්ම ස්වයං රැකියා ක්ෂේත්‍රයේ නිරත පවුල් 1,769කට අයත් පුද්ගලයින් 6,039 දෙනෙකු සහ පශු සම්පත් ක්ෂේත්‍රයේ පවුල් 2,966කට අයත් පුද්ගලයින් 9,408 දෙනෙකුද මෙම වියළි කාලගුණයෙන් පීඩා විඳිනවා.

ව්‍යාපාරික කටයුතුවල නිරත පවුල් 108කට අයත් පුද්ගලයින් 369 දෙනෙකුටද, වෙනත් ජීවනෝපාය ආශ්‍රිත ක්‍රියාකාරකම්වල නිරත පවුල් 3,450කට අයත් පුද්ගලයින් 10,297 දෙනෙකුටද මෙමගින් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

පවතින මෙම බරපතල තත්ත්වය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ජනතාව සම්බන්ධයෙන් රජය විශේෂ අවධානය යොමු කර ඇති බවත්, අදාළ රාජ්‍ය ආයතනවල සෘජු මැදිහත්වීමෙන් ඔවුන්ට අවශ්‍ය සහන ලබාදීමට කඩිනම් පියවර ගනිමින් සිටින බවත්, පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි වැඩිදුරටත් අවධාරණය කළා.
Share This Article
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ඉදිරි වසර 10 ක කාලය තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) තාක්ෂණය මගින් සමස්ත...
Hiru Tv Blog
මානවරූපී රොබෝ තාක්ෂණයේ විප්ලවීය සන්ධිස්ථානයක් සලකුණු කරමින් ජැමෙයිකානු කෙටි...
Hiru Tv Blog
චීනයේ බීජිං නුවර පැවැත්වෙන 2026 ලෝක රොබෝ සම්මේලනයේදී ප්‍රදර්ශනයට තබා ඇති අති...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top