ඊශ්‍රායල ප්‍රහාර මැද දකුණු ලෙබනනයට රික්ටර් මාපක 4.1ක භූ කම්පනයක්.. දැවැන්ත පිපිරීමක් නිසා පොළොව දෙදරා යයි..
Friday, 11 September 2026 - 18:42 | Views - 29
දකුණු ලෙබනනයේ අලි අල්-තාහර් ප්‍රදේශයේ රික්ටර් මාපක 4.1ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පන තත්ත්වයක් වාර්තා වී ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) නිල වශයෙන් සඳහන් කර තිබෙනවා.

නබාතියේ ප්‍රදේශයේ අලි අල්-තාහර් කඳු වැටිය ආශ්‍රිතව ඊශ්‍රායල හමුදාව විසින් සිදුකරන ලද දැවැන්ත පිපිරීමක් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බව ලෙබනනයේ රාජ්‍ය පුවත් ඒජන්සිය වන NNA වාර්තා කර තිබෙනවා.

දකුණු ලෙබනනය පුරා ප්‍රබල පිපිරීම් රැසක් වාර්තා වූ අවස්ථාවේදී මෙලෙස භූ කම්පනයක්ද සටහන් වී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

එම ප්‍රහාරාත්මක පිපිරීමත් සමඟ ප්‍රදේශයේ කම්පන තත්ත්වයක් මෙන්ම කන් අගුළු වටෙන සුළු දැඩි පිපිරුම් හඬක් ද ඇති වූ බව සඳහන් වුණා.

දකුණු ලෙබනනයේ සිටින AFP ප්‍රංශ පුවත් සේවයේ මාධ්‍යවේදීන්ද එක පිට එක ඇසුණු දැවැන්ත පිපිරීම් හඬවල් කිහිපයක් පිළිබඳව වාර්තා කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව, අදාළ ප්‍රදේශයේ ත්‍රස්ත සංවිධානයකට අයත් කිලෝමීටර් දෙකකට වඩා වැඩි දුරක් පුරා විහිදී පැවති භූගත යටිතල පහසුකම් පද්ධතියක් සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට තමන් කටයුතු කළ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කර තිබෙනවා.

එම භූගත පරිශ්‍රය තුළ රොකට්, මිසයිල, මිනිසුන් රහිත ගුවන් යානා (Drones), මැෂින් තුවක්කු, ටැංකි නාශක මිසයිල මෙන්ම බිම් බෝම්බ ඇතුළු විශාල පුපුරන ද්‍රව්‍ය තොගයක් ගබඩා කර තිබූ බවද ඊශ්‍රායල හමුදාව වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ඉදිරි වසර 10 ක කාලය තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) තාක්ෂණය මගින් සමස්ත...
Hiru Tv Blog
මානවරූපී රොබෝ තාක්ෂණයේ විප්ලවීය සන්ධිස්ථානයක් සලකුණු කරමින් ජැමෙයිකානු කෙටි...
Hiru Tv Blog
චීනයේ බීජිං නුවර පැවැත්වෙන 2026 ලෝක රොබෝ සම්මේලනයේදී ප්‍රදර්ශනයට තබා ඇති අති...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top