ප්‍රකාශයක් දෙන්න ආ හිටපු ජනපති ගෝඨාභය FCIDයෙන් පිටව යයි.. මිග් යානා ගනුදෙනුව ගැන නැවතත් පරීක්ෂණ සක්‍රීය වෙයි..
Friday, 11 September 2026 - 18:41 | Views - 32
අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව එතැනින් පිටව ගොස් තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා අද පෙරවරු 9.15 ට පමණ මෙම කොට්ඨාසය වෙත පැමිණියේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

මේ සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඊයේ දිනයේදී හිටපු ගුවන් හමුදාපති, මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතාගෙන්ද පැය කිහිපයක් තිස්සේ ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා.

2006 වසරේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යුක්‍රේනයෙන් මිග්-27 ප්‍රහාරක යානා මිලදී ගැනීමේදී මහජන මුදල් විශාල වශයෙන් අයථා ලෙස යොදවමින් අක්‍රමිකතාවක් සිදුකර ඇති බවට චෝදනා එල්ල වී තිබූ අතර, එකී කාලවකවානුවේදී ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලැබුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයි.

එමෙන්ම එම කාලසීමාව තුළ ගුවන් හමුදාපතිවරයා ලෙස මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක කටයුතු කර තිබෙනවා.

එමෙන්ම රුසියාවේ එවකට ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ උදයංග වීරතුංගද මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු අතර, මෙම ගනුදෙනුවේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 7.8 කට (7 යි දශම 8) ආසන්න මුදලක් අයථා ලෙස වංචා කර ඇති බවට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබෙනවා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙම නඩුව දීර්ඝ කාලයක් තිස්සේ විභාග වූ අතර, ඊට අදාළ විදේශීය බැංකු ගිණුම් වාර්තාද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් කැඳවීමට කටයුතු කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ඉදිරි වසර 10 ක කාලය තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) තාක්ෂණය මගින් සමස්ත...
Hiru Tv Blog
මානවරූපී රොබෝ තාක්ෂණයේ විප්ලවීය සන්ධිස්ථානයක් සලකුණු කරමින් ජැමෙයිකානු කෙටි...
Hiru Tv Blog
චීනයේ බීජිං නුවර පැවැත්වෙන 2026 ලෝක රොබෝ සම්මේලනයේදී ප්‍රදර්ශනයට තබා ඇති අති...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top