පේදුරුතුඩුව ග්‍රාමකෝට්ට හන්දියේදී අවාසනාවන්ත සිදුවීමක්.. තියුණු ආයුධ පහරදීමකින් පුද්ගලයෙකු මරුට..
Thursday, 10 September 2026 - 23:16 | Views - 33
පේදුරුතුඩුව පොලිස් වසමට අයත් ග්‍රාමකෝට්ට හන්දිය අසලදී තියුණු ආයුධවලින් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා මියගොස් තිබෙනවා.

ඊයේ (09) පස්වරුවේ පුද්ගලයෙකු තුවාල සහිතව මාර්ගය අසල වැටී සිටින බවට පේදුරුතුඩුව පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව වහාම විමර්ශන ආරම්භ කර තිබුණා.

පසුව තුවාලකරු 1990 සුවසැරිය ගිලන් රථය මගින් පේදුරුතුඩුව මන්ධිගායි රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද, රෝහල් ගත කිරීමෙන් සුළු වේලාවකට පසුව ඔහු අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව වාර්තා වුණා.

මෙලෙස මියගොස් ඇත්තේ කරවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි තරුණයෙක්.

මරණකරු සහ තවත් පිරිසක් අතර ඇති වූ තදබල බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසුව තියුණු ආයුධවලින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් දැනට සිදුකර ඇති මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පේදුරුතුඩුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සක්‍රීයව ක්‍රියාත්මක කරනු ලබනවා.
Share This Article
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
චීනයේ බීජිං නුවර පැවැත්වෙන 2026 ලෝක රොබෝ සම්මේලනයේදී ප්‍රදර්ශනයට තබා ඇති අති...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top