පේදුරුතුඩුව ග්‍රාමකෝට්ට හන්දියේදී අවාසනාවන්ත සිදුවීමක්.. තියුණු ආයුධ පහරදීමකින් පුද්ගලයෙකු මරුට..
Thursday, 10 September 2026 - 23:16 | Views - 34
පේදුරුතුඩුව පොලිස් වසමට අයත් ග්‍රාමකෝට්ට හන්දිය අසලදී තියුණු ආයුධවලින් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා මියගොස් තිබෙනවා.
ඊයේ (09) පස්වරුවේ පුද්ගලයෙකු තුවාල සහිතව මාර්ගය අසල වැටී සිටින බවට පේදුරුතුඩුව පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව වහාම විමර්ශන ආරම්භ කර තිබුණා.
පසුව තුවාලකරු 1990 සුවසැරිය ගිලන් රථය මගින් පේදුරුතුඩුව මන්ධිගායි රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද, රෝහල් ගත කිරීමෙන් සුළු වේලාවකට පසුව ඔහු අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව වාර්තා වුණා.
මෙලෙස මියගොස් ඇත්තේ කරවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි තරුණයෙක්.
මරණකරු සහ තවත් පිරිසක් අතර ඇති වූ තදබල බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසුව තියුණු ආයුධවලින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් දැනට සිදුකර ඇති මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පේදුරුතුඩුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සක්‍රීයව ක්‍රියාත්මක කරනු ලබනවා.
Share This Article