වාහන හිමියන්ට සතුටුදායක ආරංචියක්.. අංක තහඩු ගැටලුව මාස 6ක් ඇතුළත විසඳීමට පියවර..
Thursday, 10 September 2026 - 16:24 | Views - 36
මෙරට වාහන හිමියන් සහ රථවාහන පාරිභෝගිකයින් දීර්ඝ කාලයක සිට මුහුණ දෙමින් සිටින වාහන අංක තහඩු ලබාගැනීමේ ගැටලුව ඉදිරි මාස හය ඇතුළත සම්පූර්ණයෙන්ම නිරාකරණය කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් එහි කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ප්‍රනාන්දු මේ බව අවධාරණය කළා.

පසුගිය කාලසීමාව පුරා පවතින අංක තහඩු හිඟය සහ නිකුත් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටි අතර, එම තත්ත්වය නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය සියලු විධිමත් පියවර මේ වන විටත් ගෙන ඇති බව කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දුන්නා.

ඒ අනුව, ඉදිරි මාස හයක කාලය තුළ අංක තහඩු නිකුත් කිරීමේ ක්‍රියාවලිය යථා තත්ත්වයට පත් කරමින්, හිඟයකින් තොරව අංක තහඩු ලබාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
චීනයේ බීජිං නුවර පැවැත්වෙන 2026 ලෝක රොබෝ සම්මේලනයේදී ප්‍රදර්ශනයට තබා ඇති අති...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top