"ජනපති ආවා කියලා දැනගත්තම මිනිස්සු දුවගෙන එන්නේ කානු දිගේ" මාලිමා මන්ත්‍රිනී තුෂාරිගෙන් පාර්ලිමේන්තුවේදී අපූරු හෙළිදරව්වක්..
Thursday, 10 September 2026 - 14:40 | Views - 26
ජනාධිපති අනුර කුමාර දිසානායක කෙරෙහි පවතින ජන මනාපය සහ ජනතා ආකර්ෂණය දිනෙන් දින දැවැන්ත ලෙස ඉහළ යමින් පවතින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී තුෂාරි ජයසිංහ ප්‍රකාශ කර සිටිනවා.

ඊයේ (09) පාර්ලිමේන්තුවේ පැවැති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කිරීමේ පනත පිළිබඳ විවාදයට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය, ජනාධිපතිවරයා කෙරෙහි ප්‍රජාව තුළ පවතින දැඩි උනන්දුව සහ ආදරය පිළිබඳව සිය අත්දැකීම් සභාව හමුවේ තැබුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය පවසා සිටියේ, "අද අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ පින්තූරේ කිරිවලින් නාවනවා. අපේ ප්‍රදේශයට ජනාධිපතිතුමා එනකොට මම ඇහෙන් දැකපු දර්ශන තමයි තේ වතු මැද්දෙන් කානු දිගේ පහලට බැහැගෙන බැහැගෙන දුවගෙන රැස්වීමට එන්නේ. ජනාධිපතිතුමාගේ මූණ පොඩ්ඩක් බලන්න. කතාකරන දේ අහන්න. ජනතාව ඒ වගේ උනන්දුවකින් ඉන්නේ," යනුවෙන්.

ජනාධිපතිවරයාගේ මුහුණ දැක ගැනීමට සහ ඔහු කියන දේට සවන්දීමට ජනතාව තුළ පවතින මෙම සැබෑ උනන්දුව හරහා වර්තමාන රජය කෙරෙහි පවතින ජනතා විශ්වාසය මනාව පැහැදිලි වන බව මන්ත්‍රීවරිය වැඩිදුරටත් අවධාරණය කළා.
Share This Article
Hiru Tv Blog
මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයින පුරා පිහිටි...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
චීනයේ බීජිං නුවර පැවැත්වෙන 2026 ලෝක රොබෝ සම්මේලනයේදී ප්‍රදර්ශනයට තබා ඇති අති...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top