මුහුදු ගිය බහුදින යාත්‍රාවකදී මාරාන්තික ගැටුමක්.. ධීවරයෙකුට පිහියෙන් ඇන තුවාල කළ ස්කිපර්වරයා කොටු..
Wednesday, 09 September 2026 - 18:35 | Views - 39
ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක ස්කිපර්වරයා (යාත්‍රා නියමුවා) විසින් සිදු කළ දරුණු පිහි ප්‍රහාරයකින් ධීවරයෙකු බරපතල තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව ගාල්ල වරාය පොලිසිය පවසනවා.

ධීවරයින් හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සමඟ අදාළ බහුදින ධීවර යාත්‍රාව ඉකුත් 08 වන දින ගාල්ල වරායෙන් මුහුදු ගොස් තිබුණා.

කෙසේ වෙතත්, මුහුදේදී යාත්‍රාවේ නියමුවා සහ එක් ධීවරයෙකු අතර උණුසුම් බහින්බස්වීමක් හටගෙන ඇති අතර, එහිදී උරණ වූ ස්කිපර්වරයා විසින් පිහියකින් පහරදී අදාළ ධීවරයාගේ පිට ප්‍රදේශය කපා තුවාල සිදු කර ඇති බව පොලිසිය සඳහන් කළා.

සිදුවීමෙන් පසු යාත්‍රාවේ සිටි අනෙකුත් පිරිස මේ පිළිබඳව වහාම යාත්‍රාවේ හිමිකරු දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, ගමන අතරමග නවතා දැමූ යාත්‍රාව යළි හරවා ගෙනවිත් අද (09) අලුයම ගාල්ල වරායට ළඟා වීමෙන් පසුව, තුවාල ලැබූ ධීවරයා වහාම කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම අවාසනාවන්ත ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ අම්බලන්ගොඩ, තල්ගස්ගොඩ ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි ධීවරයෙක්.

ප්‍රහාරය එල්ල කළ සැකකාර ස්කිපර්වරයා අම්බලන්ගොඩ, පෝරඹ ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙකු බව හඳුනාගෙන තිබෙනවා.

සැකකරු මේ වන විට ගාල්ල වරාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
Share This Article
Hiru Tv Blog
මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයින පුරා පිහිටි...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
චීනයේ බීජිං නුවර පැවැත්වෙන 2026 ලෝක රොබෝ සම්මේලනයේදී ප්‍රදර්ශනයට තබා ඇති අති...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top