දේශපාලනඥයෙක්ගේ කැත වැඩේ ගැන ළමා හිමිකම් සංවිධාන කනස්සල්ල පළකරයි.. සජිත් ගැන ඇගයුමකුත්..
Wednesday, 09 September 2026 - 17:34 | Views - 31
දරුවන් සමඟ සිදුවන භෞතික ස්පර්ශයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී දරුවාගේ අභිමතය සහ කැමැත්තට (Consent) ප්‍රමුඛස්ථානය ලබා දීම අතිශය අත්‍යවශ්‍ය කරුණක් බව 'ස්ටොප් චයිල්ඩ් කෲවල්ටි' (Stop Child Cruelty Trust) සංවිධානයේ සභාපති, ළමා හිමිකම් ක්‍රියාකාරිනී වෛද්‍ය තුෂාරා වික්‍රමනායක අවධාරණය කර සිටිනවා.

සාම්ප්‍රදායිකව සමාජයේ කතාබහට ලක්වන “හොඳ ස්පර්ශය සහ අයෝග්‍ය ස්පර්ශය” (Good touch, bad touch) යන සංකල්පයට පමණක් සීමා නොවී, තමන්ට සිදුවන ඕනෑම ස්පර්ශයකට එකඟ වන්නේද නැද්ද යන්න තීරණය කිරීමට දරුවාට ඇති අයිතියට වැඩිහිටියන් ගරු කළ යුතු බවයි ඇය පෙන්වා දෙනවා.

දරුවකුගේ කැමැත්තකින් හෝ අභිමතයකින් තොරව සිදුවන ඕනෑම ස්පර්ශයක් නුසුදුසු විය හැකි බව දේශපාලනඥයන් සහ දරුවන් සම්බන්ධ ඡායාරූප කිහිපයක් උදාහරණ ලෙස පෙන්වා දෙමින් ඇය සඳහන් කළා.

එහිදී එක් දේශපාලනඥයෙකුගේ අයෝග්‍ය හැසිරීමක් දැඩි ලෙස විවේචනය කළ ඇය, විරුද්ධ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට පෙත්සමක් භාරදෙන අවස්ථාවේදී දරුවෙකුගෙන් “මම ඔයාගේ උරහිස් මත අත තැබුවට කමක් නැද්ද?” යැයි විමසා අවසර ලබාගැනීම දරුවාගේ කැමැත්තට සහ ගෞරවයට හිස නැමීමේ කදිම නිදසුනක් ලෙස අගය කර තිබෙනවා.

දරුවන්ට තමන්ට සිදුවන දේ හමුවේ 'නැත' (No) කීමට ඇති අයිතිය ලබාදීම ඔවුන් සවිබල ගැන්වීමක් වන අතර, කැමැත්තට විරුද්ධව සිදුවන ඕනෑම ස්පර්ශයක් ඔවුන්ගේ හිමිකම් උල්ලංඝනය කිරීමක් බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.

රට තුළ නිසි ළමා ආරක්ෂණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවීම පිළිබඳව කනස්සල්ල පළකළ ඇය, දේශපාලනඥයන් ඇතුළු සමස්ත වැඩිහිටි ප්‍රජාවම ළමා අයිතිවාසිකම් පිළිබඳව නිසි ලෙස දැනුවත් වීමේ වැදගත්කම ද පෙන්වා දුන්නා.

ඔබත් යම් ස්ථානයක ළමා හිංසනයක් හෝ අයෝග්‍ය සිදුවීමක් දුටුවහොත්, එසැනින්ම ශ්‍රී ලංකා ළමා උපකාරක සේවයේ පැය 24 පුරා ක්‍රියාත්මක 1929 හදිසි ඇමතුම් අංකය අමතන්න.

එය භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වන, රහස්‍යභාවය සුරකින රාජ්‍ය උපකාරක සේවාවකි.
Share This Article
Hiru Tv Blog
මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයින පුරා පිහිටි...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top