දේශීය තාක්ෂණයෙන් ලොව දිනන ශ්‍රී ලාංකීය විප්ලවය.. දකුණු ආසියාවේ ප්‍රථම ආරක්ෂක හියුමනොයිඩ් රොබෝව Spera එළිදක්වයි.
Wednesday, 09 September 2026 - 17:01 | Views - 140
ශ්‍රී ලාංකේය තාක්ෂණික ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරළමින්, දකුණු ආසියාවේ ප්‍රථම ආරක්ෂක හියුමනොයිඩ් රොබෝව ලෙස සැලකෙන ‘Spera Humanoid – Prototype One’ එළිදැක්වීමට දේශීය තාක්ෂණික සමාගමක් වන Spera සමත්ව තිබෙනවා.

සමාගමේ නවවැනි සංවත්සරයට සමගාමීව හඳුන්වාදුන් මෙම පූර්ණ ප්‍රමාණයේ ද්විපාද රොබෝව (Full-scale Bipedal Robot) විශේෂයෙන්ම ආරක්ෂක කටයුතු සඳහා නිර්මාණය කර ඇති අතර, එය ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කරගත් සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකීය නිර්මාණයක් වීම විශේෂත්වයක්.

විදේශයන්හි නිෂ්පාදිත රොබෝ පද්ධති හෝ බාහිර තාක්ෂණයන් භාවිත කර මෙරට එකලස් කළ නිෂ්පාදනයක් වෙනුවට, මෙම රොබෝව මූලික සැලසුමේ සිටම ශ්‍රී ලාංකීය ඉංජිනේරු හැකියාවන් සහ දීර්ඝ පර්යේෂණ මත නිර්මාණය කර තිබීම අභිමානයට කරුණක්.

Spera හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී සහන් යාපා කුඩා කල සිටම යන්ත්‍ර නිර්මාණය කෙරෙහි උනන්දුවක් දැක්වූ අතර, මෘදුකාංග සංවර්ධනය, ඉලෙක්ට්‍රොනික විද්‍යාව, යාන්ත්‍ර විද්‍යාව සහ රොබෝ තාක්ෂණය පිළිබඳ දැනුම ස්වයං අධ්‍යයනයෙන් ලබාගත් දක්ෂ ව්‍යවසායකයෙක්.

වසර ගණනාවක් පුරා සිදුකළ අත්හදා බැලීම්, අසාර්ථකත්වයන් මෙන්ම මූල්‍ය අභියෝග රැසක් ජයගනිමින් ඔහු මෙම රොබෝව සංවර්ධනය කර තිබෙනවා.

බාහිර ආයෝජන මත පමණක් රඳා නොසිට, ජාත්‍යන්තර සේවාදායකයන් සඳහා Blockchain, Industry 4.0 සහ නව තාක්ෂණික විසඳුම් සපයන මෘදුකාංග ව්‍යාපාරයක් හරහා උපයාගත් ආදායම නැවතත් මෙම රොබෝ තාක්ෂණය වෙනුවෙන් ආයෝජනය කිරීමට ඔහු කටයුතු කර තිබෙනවා.

මෙම අතිනවීන මූලාකෘතිය ලොව ඉහළ අවදානම් සහිත ප්‍රදේශවල ආරක්ෂක කටයුතු සඳහා මේ වන විටත් ජාත්‍යන්තර අවධානය දිනාගැනීමට සමත්ව ඇති බව Spera සමාගම පවසනවා.

ඉදිරියේදී රටවල් කිහිපයක මෙය වාණිජ මට්ටමින් හඳුන්වාදීමට සැලසුම් කර ඇති අතර, දෙවැනි පරම්පරාවේ ‘Spera 2.0’ අනුවාදය ද සංවර්ධනය කිරීමට නියමිතව තිබෙනවා.

"අපි වාර ගණනාවක් අසාර්ථක වුණත් උත්සාහය අත්හැරියේ නැහැ. අද ශ්‍රී ලාංකීය තාක්ෂණික හැකියාව ලෝකයට පෙන්වීමට අපි සූදානම්," යනුවෙන් සහන් යාපා සතුටින් ප්‍රකාශ කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top