වලාන දූෂණ මර්දන ඒකකයෙන් හදිසි වැටලීමක්.. නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට..
Wednesday, 09 September 2026 - 16:27 | Views - 33
විශාල නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් සමත්ව තිබෙනවා.

ලැබුණු නිශ්චිත තොරතුරකට අනුව රාගම, පොඩිවීකුඹුර ප්‍රදේශයේදී ඊයේ (08) සිදුකරන ලද විශේෂ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව වාර්තා වුණා.

එම වැටලීමේදී සැකකරු භාරයේ තිබී බෝතල් 135ක අඩංගු කර තිබූ නීතිවිරෝධී මත්පැන් ලීටර් 101යි මිලිලීටර් 250ක ප්‍රමාණයක් සොයාගෙන පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සහ නීතිවිරෝධී මත්පැන් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලීසිය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සක්‍රීයව ක්‍රියාත්මක කෙරෙනවා.
Share This Article
Hiru Tv Blog
මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයින පුරා පිහිටි...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top