වලාන දූෂණ මර්දන ඒකකයෙන් හදිසි වැටලීමක්.. නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට..
විශාල නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් සමත්ව තිබෙනවා.
ලැබුණු නිශ්චිත තොරතුරකට අනුව රාගම, පොඩිවීකුඹුර ප්‍රදේශයේදී ඊයේ (08) සිදුකරන ලද විශේෂ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව වාර්තා වුණා.
එම වැටලීමේදී සැකකරු භාරයේ තිබී බෝතල් 135ක අඩංගු කර තිබූ නීතිවිරෝධී මත්පැන් ලීටර් 101යි මිලිලීටර් 250ක ප්‍රමාණයක් සොයාගෙන පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු සහ නීතිවිරෝධී මත්පැන් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලීසිය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සක්‍රීයව ක්‍රියාත්මක කෙරෙනවා.