විශ්වවිද්‍යාල පද්ධතියේ ගැටලුවලට විසඳුම් ඉල්ලා සටනට.. ආචාර්යවරු අද එක්දින සංකේත වැඩ වර්ජනයක..
දිවයින පුරා පිහිටි සියලුම රජයේ විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද (09) දින පුරා එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) නිල වශයෙන් ප්‍රකාශ කර සිටිනවා.
විශ්වවිද්‍යාල පද්ධතිය තුළ දීර්ඝ කාලයක සිට පවතින උග්‍ර ගැටලු සහ අර්බුදකාරී තත්ත්වයන් සඳහා බලධාරීන්ගෙන් නිසි විසඳුම් නොලැබීමට එරෙහිව මෙලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කළ බව එම සම්මේලනය පෙන්වා දුන්නා.
මෙම එක්දින සංකේත වැඩ වර්ජනය හේතුවෙන් අද දිනයේ රජයේ විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු, පරීක්ෂණ සහ සංදේශ කටයුතු ඇතුළු දෛනික ක්‍රියාවලියට යම් බාධා මතුවිය හැකි බව වාර්තා වෙනවා.
තමුන්ගේ සාධාරණ ඉල්ලීම් සඳහා බලධාරීන්ගෙන් සාධනීය පිළිතුරක් නොලැබෙන්නේ නම් ඉදිරියේදී මීටත් වඩා තදින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත යොමු වීමට සිදුවන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.