විශ්වවිද්‍යාල පද්ධතියේ ගැටලුවලට විසඳුම් ඉල්ලා සටනට.. ආචාර්යවරු අද එක්දින සංකේත වැඩ වර්ජනයක..
Wednesday, 09 September 2026 - 15:38 | Views - 44
දිවයින පුරා පිහිටි සියලුම රජයේ විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද (09) දින පුරා එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) නිල වශයෙන් ප්‍රකාශ කර සිටිනවා.

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ දීර්ඝ කාලයක සිට පවතින උග්‍ර ගැටලු සහ අර්බුදකාරී තත්ත්වයන් සඳහා බලධාරීන්ගෙන් නිසි විසඳුම් නොලැබීමට එරෙහිව මෙලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කළ බව එම සම්මේලනය පෙන්වා දුන්නා.

මෙම එක්දින සංකේත වැඩ වර්ජනය හේතුවෙන් අද දිනයේ රජයේ විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු, පරීක්ෂණ සහ සංදේශ කටයුතු ඇතුළු දෛනික ක්‍රියාවලියට යම් බාධා මතුවිය හැකි බව වාර්තා වෙනවා.

තමුන්ගේ සාධාරණ ඉල්ලීම් සඳහා බලධාරීන්ගෙන් සාධනීය පිළිතුරක් නොලැබෙන්නේ නම් ඉදිරියේදී මීටත් වඩා තදින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත යොමු වීමට සිදුවන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.
Share This Article
Hiru Tv Blog
මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයින පුරා පිහිටි...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
චීනයේ බීජිං නුවර පැවැත්වෙන 2026 ලෝක රොබෝ සම්මේලනයේදී ප්‍රදර්ශනයට තබා ඇති අති...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top