උතුරු කොරියාව සහ රුසියාව යාවෙයි.. කිලෝමීටරයක් දිග පාලමින් වාහන 300 කට ගමන් පහසුව..
Tuesday, 08 September 2026 - 16:17 | Views - 43
උතුරු කොරියාව සහ රුසියාව සම්බන්ධ කරමින් නිර්මාණය කරන ලද පළමු පාලම විවෘත කර තිබෙනවා.
ටුමෙන් ගඟ හරහා ඉදිකර ඇති කිලෝමීටරයක් දිග මෙම පාලම හරහා දේශසීමා අතර භාණ්ඩ සහ මගීන් පහසුවෙන් ප්‍රවාහනය කළ හැකි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
දෛනිකව මෙම පාලම හරහා වාහන 300 ක් දක්වා ගමන් කළ හැකි අතර මගීන් 2323 දෙනෙකුට පාලම තරණය කළ හැකි වනවා.
Share This Article