වයඹ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සේවයෙන් විශ්‍රාම ගනී
Tuesday, 08 September 2026 - 13:45 | Views - 106
වයඹ පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ නීතිඥ ආචාර්ය අජිත් රෝහණ පොලිස් දෙපාර්තමේන්තුවෙන් අද (08) විශ්‍රාම ගනු ලැබුවා.

ඒ වසර තිස් අටක සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසුවයි.

ඔහුගේ විශ්‍රාම යාම නිමිත්තෙන් අද කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේදී පොලිස් ආචාර පෙළපාලියක් පැවැත්වුණා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ආචාර්ය අජිත් රෝහණ ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ලාබාලතම නියෝජ්‍ය පොලිස්පතිවරයා (DIG) ලෙස ඉතිහාසයට එක්වූ, නීතිවේදී (LL.B) සහ නීතිඥවරයෙකු වන, මෙන්ම මහජන ගෞරවයට පාත්‍ර වූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්.

කොවිඩ්-19 වසංගත සමයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස සුවිශේෂී සන්නිවේදන කාර්යභාරයක් ඉටුකළ ඔහු, තම වෘත්තීය නිපුණතාවය සහ සරල, මිත්‍රශීලී ගුණාංග නිසා ජනතාව අතර බෙහෙවින් ප්‍රසිද්ධියට පත් වුණා.

අවිස්සාවේල්ලේ, කොස්ගම උපත ලැබූ ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙක්.

ඔහු ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය (LL.B) ලබාගත් අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකු වන අතර 2020 වසරේදී ඔහුට පොදු මහජන සේවය උදෙසා සම්මානනීය ගෞරව ආචාර්ය උපාධියක්ද පිරිනමා තිබෙනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top