දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩදී හදිසි අනතුරක්.. මාර්ගයෙන් ඉවතට පැන ආරක්ෂිත වැට මත පතිත වූ මෝටර් රථය..
Monday, 07 September 2026 - 13:21 | Views - 39
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේ 32.4 කිලෝමීටර් කණුව ආසන්නයේදී සුඛෝපභෝගී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මැද ආරක්ෂිත වැට මතට ගොස් නතර වීමෙන් අද (07) පෙරවරුවේ අනතුරක් සිදුව ඇති බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය ප්‍රකාශ කරනවා.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට මාතර දෙසට අධික වේගයෙන් ධාවනය වෙමින් තිබූ මෙම මෝටර් රථය, එම අවස්ථාවේ නඩත්තු කටයුතු සඳහා වෝටර් බැරියර් යොදා ආවරණය කර තිබූ ස්ථානයක තිබූ මාර්ග බාධක ද අනතුරට ලක් කරමින් ඉදිරියට ඇදී ගොස් මෙලෙස ආරක්ෂිත වැට මත පතිත වී ඇති බව වාර්තා වුණා.

මෙම හදිසි අනතුරින් අධිවේගී මාර්ගයේ මැද සවිකර ඇති ආරක්ෂිත වැටට, යොදා තිබූ මාර්ග බාධකවලට මෙන්ම අනතුරට ලක්වූ සුඛෝපභෝගී මෝටර් රථයටද දැඩි ලෙස හානි සිදුව තිබෙනවා.

අනතුර සිදුවූ ස්ථානයට පැමිණි අධිවේගී රථවාහන ගැලනිගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර, අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා අනෙකුත් රියදුරන්ට ද අවධානයෙන් රීතිවලට අනුකූලව රීති පිළිපදිමින් රිය පදවන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා.
Share This Article
Hiru Tv Blog
මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයින පුරා පිහිටි...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top