තායිලන්තයට යන ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්.. වීසා නොමැතිව ඇතුළුවීමේ සහනය සැප්තැම්බර් 15 සිට අහෝසි වෙයි..
Monday, 07 September 2026 - 11:50 | Views - 32
ලබන සැප්තැම්බර් 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි තායිලන්තයේ ‘වීසා රහිතව ඇතුළු වීමේ’ සහනය ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර හිමියන්ට තවදුරටත් හිමි නොවන බව තායිලන්ත බලධාරීන් තොරතුරු වාර්තා කර සිටිනවා.

තායි රජය විසින් හඳුන්වා දී ඇති නව සංශෝධිත ඇතුළුවීමේ රෙගුලාසි යටතේ මෙම පියවර ගෙන ඇති අතර, සංශෝධිත වීසා නිදහස් කිරීම් සහ පැමිණීමේදී ලබාදෙන වීසා සම්බන්ධ නව ක්‍රමවේද අගෝස්තු 31 වනදා එරට රාජ්‍ය ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති බව තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

පසුගිය මැයි මාසයේදී තායිලන්ත කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද සමාලෝචනයකට අනුව මෙම වෙනස්කම් සිදු කර තිබෙනවා.

ඒ අනුව, මීට පෙර ශ්‍රී ලාංකිකයන්ට පැවැති දින 60 ක වීසා රහිතව රැඳී සිටීමේ සහනය අහෝසි කර ඇති අතර, කෙටි කාලීන සංචාර සඳහා වීසා නොමැතිව ඇතුළු විය හැකි රටවල නාමලේඛනය ද සංශෝධනය කර ඇති බව සඳහන් වුණා.

ජාතික ආරක්ෂාව, සංචාරක හා ආර්ථික අභිලාෂයන්, ද්විපාර්ශ්වික අන්‍යෝන්‍ය ප්‍රතිලාභ, අතිරේක වීසා සහන අවම කිරීම සහ තායිලන්තයේ ඉලෙක්ට්‍රොනික වීසා (e-Visa) පද්ධතියේ භාවිතය යන කරුණු සලකා බලමින් තායි රජය මෙම තීරණයට එළඹ තිබෙනවා.

මෙම නව රෙගුලාසිවලට අනුව, සැප්තැම්බර් 15 වනදායින් පසුව තායිලන්තය බලා පිටත්ව යන ශ්‍රී ලාංකිකයන් ගමනට පෙර සුදුසු වීසාවක් ලබා ගැනීම අනිවාර්ය වන අතර, ඒ සඳහා තායිලන්තයේ මාර්ගගත e-Visa පද්ධතිය හරහා වීසා අයදුම්පත් යොමු කළ හැකි බව කොළඹ පිහිටි රාජකීය තායි තානාපති කාර්යාලය ද නිවේදනය කර සිටිනවා.

කෙසේ වෙතත්, පවතින වීසා සහන ක්‍රමය යටතේ සැප්තැම්බර් 15 වනදාට පෙර තායිලන්තයට ඇතුළු වන ශ්‍රී ලාංකික සංචාරකයින්ට තායි ආගමන විගමන බලධාරීන් විසින් අවසර ලබා දී ඇති කාලසීමාව අවසන් වන තෙක් එරට රැඳී සිටීමට අවස්ථාව හිමිවෙනවා.
Share This Article
Hiru Tv Blog
මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයින පුරා පිහිටි...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top