පාසල් සිසුන්ට විශේෂ දැනුම්දීමක්.. තුන්වන පාසල් වාරයේ දෙවැනි අදියර හෙටින් ඇරඹෙයි..
Monday, 07 September 2026 - 9:49 | Views - 85
දිවයින පුරා පිහිටි සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2026 වර්ෂයට අදාළ තුන්වන පාසල් වාරයේ දෙවැනි අදියර හෙට (07) දින සිට ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටිනවා.

නව වාරය ආරම්භ වීමට සමගාමීව සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාව සහ පරිසර සනීපාරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් දිවයින පුරා පිහිටි පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීමේ විශේෂ වැඩසටහන් අද (06) දින පුරා සිදු කෙරුණා.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද කාලසටහනට අනුව, තුන්වන පාසල් වාරයේ දෙවැනි අදියර සැප්තැම්බර් 07 වැනිදා සිට දෙසැම්බර් 04 වැනිදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වීමට නියමිතයි.

ඒ අනුව, දීර්ඝ නිවාඩුවකින් පසුව සියලුම රජයේ සහ පෞද්ගලික පාසල්වල අධ්‍යයන කටයුතු හෙට දින සිට සාමාන්‍ය පරිදි නැවත ආරම්භ වන බැවින් සිසුන් සහ ගුරු භවතුන් ඒ සඳහා සූදානමින් පසුවන ලෙසයි අධ්‍යාපන බලධාරීන් පවසනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top