Lanka Chairman's Business Excellence Awards 2026 හිදී හිරුට විශිෂ්ට සම්මාන රැසක්.. ජනතාවගේ පළමු තේරීම හිරු බව යළිත් තහවුරු වෙයි.
Sunday, 06 September 2026 - 19:16 | Views - 40
Lanka Chairman's Business Excellence Awards 2026 සම්මාන උළෙල කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ හෝටල් පරිශ්‍රයකදී මේ වන විට පැවැත්වෙනවා.
එහිදී Hiru TV රූපවාහීනී නාලිකාව වසරේ වඩාත් ජනප්‍රියම රූපවාහිනී නාලිකාව ලෙස, සම්මානයෙන් පිදුම් ලැබුවා.
එමෙන්ම Hiru News - වසරේ වඩාත් ජනප්‍රියම ප්‍රවෘත්ති නාලිකාව ලෙස, සම්මානයෙන් ද පිදුම් ලැබුවා.
Lanka Chairman's Business Excellence Awards 2026 සම්මාන උළෙලේ වසරේ වඩාත් ජනප්‍රියම ගුවන් විදුලි නාලිකාව ලෙස, සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් වූයේ Hiru FM ගුවන් විදුලි නාලිකාවයි.
සම්මාන උළෙල තවත් විචිත්‍රවත් කරමින් Hiru FM - "DJ අරා & පැස්බරා" වසරේ වඩාත් ජනප්‍රියම ගුවන් විදුලි වැඩසටහන ලෙස, සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් වුණා
Share This Article