ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයෙන් ක්ෂණික වැටලීමක්.. 'බඩෝවිට අසංකගේ' ගෝලයා රත්මලානේදී අත්අඩංගුවට..
Sunday, 06 September 2026 - 17:38 | Views - 49
හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6,000ක් සහ කඩුවක් සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සමත්ව තිබෙනවා.

රත්මලාන, ගොළුමඩ හන්දිය ප්‍රදේශයේදී සිදුකරන ලද විශේෂ වැටලීමකදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රත්මලාන, බංගලාව පාර, රස්ටම් වත්ත ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.

සැකකරු ළඟ තිබී මාරාන්තික ආයුධයක් ලෙස භාවිතා කළ හැකි කඩුවක් සහ හෙරොයින් ප්‍රමාණය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු දැනට විදේශගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘බඩෝවිට අසංක’ නැමැත්තා වෙනුවෙන් විදේශගතව සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන ‘සුධාරක’ නමැත්තාගේ සමීප අනුගාමිකයෙකු බව පොලිසිය සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක අතර, ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයින පුරා පිහිටි...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top