දිගන හෝටලයක පැවැති ෆේස්බුක් සාදයක් වටලයි.. තරුණියන් 5ක් ඇතුළු 43ක් අත්අඩංගුවට..
Sunday, 06 September 2026 - 8:29 | Views - 29
තෙල්දෙණිය පොලිස් බලප්‍රදේශයට අයත් දිගන, අලුත්වත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක විවිධ මත්ද්‍රව්‍ය භාවිත කරමින් පවත්වමින් තිබූ ෆේස්බුක් සාදයක් වටලා කාන්තාවන් 5 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 38 දෙනෙකු ඇතුළු 43 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තෙල්දෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. ඩී. චන්ද්‍රපාල මහතාට ලද නිශ්චිත තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බව වාර්තා වුණා.

පොලිස් කණ්ඩායම අදාළ හෝටලය වටලන අවස්ථාවේදී එහි තිබී තහනම් මත්ද්‍රව්‍ය, මත්පැන් සහ බියර් බෝතල් විශාල ප්‍රමාණයක් සොයාගැනීමට හැකිව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙම සාදය සඳහා එකතු වූ තරුණ පිරිසක් බව පොලිසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් 43 දෙනා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, තෙල්දෙණිය පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.
Share This Article
Hiru Tv Blog
මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයින පුරා පිහිටි...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top