ඊජිප්තුවෙන් මහත් ආන්දෝලනාත්මක අධිකරණ තීන්දුවක්.. ප්‍රකට නිවේදිකා සාරා කලීෆා ඇතුළු 12කට මරණ දඬුවම..
Sunday, 06 September 2026 - 8:23 | Views - 27
මත්ද්‍රව්‍ය චෝදනාවලට වරදකරුවන් වීම නිසා ඊජිප්තුවේ ප්‍රකට රූපවාහිනී නිවේදිකාවක වන සාරා කලීෆා (Sarah Khalifa) ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු සඳහා මරණ දඬුවම නියම කර තිබෙනවා.

රාජ්‍ය අයිතිය සහිත ‘අල්-අහ්රම්’ (al-Ahram) පුවත්පත සඳහන් කරන්නේ, මොවුන් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගන්නා ද්‍රව්‍ය විදේශයන්ගෙන් ආනයනය කර අලෙවි කිරීමේ නිරත වූ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයින් බවයි.

මීට අමතරව නීති විරෝධී ගිනිඅවි සහ පතොරම් ළඟ තබා ගැනීමේ චෝදනා ද මොවුන්ට එල්ල වී තිබෙනවා.

39 හැවිරිදි වියේ පසුවන සාරා කලීෆා වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ අපරාධ සම්බන්ධයෙන් කරුණු ගෙන ආ ‘මිෂන් ඉම්පොසිබල්’ (Mission Impossible) නම් ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන හරහා වන අතර, ඇය තමන්ට එල්ල වූ සියලු චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පසුගිය මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද මෙම අධිකරණ තීන්දුව, ඊජිප්තු නීතියට අනුව එරට ප්‍රධාන මුෆ්තිවරයාගේ (Grand Mufti) ආගමික මතය ලබා ගැනීමෙන් අනතුරුව මාසයකට පසුව මෙලෙස තහවුරු කර තිබෙනවා.

නඩු විභාගයේදී අනාවරණය වූයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 750කට වැඩි ප්‍රමාණයක් සහ ඒ සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය බලධාරීන් භාරයට ගෙන ඇති බවයි.

නඩු විභාගය සඳහා සාක්ෂිකරුවන් 20 දෙනෙකු ප්‍රකාශ ලබා දී ඇති අතර වීඩියෝ දර්ශන සහ සංවාද ඇතුළත් විද්‍යුත් සාක්ෂි ද ඉදිරිපත් කර තිබෙනවා.

‘අක්බාර් අල්-යූම්’ (Akhbar al-Youm) පුවත්පතට අනුව, පසුගිය සැප්තැම්බර් මාසයේදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් සාරා කලීෆා ප්‍රකාශ කර ඇත්තේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේදී ඡායාරූප ගැනීමට පෙර තමන් කිසිදු දිනක මත්ද්‍රව්‍ය දැක පවා නොතිබූ බවයි.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් (Amnesty Inteational) සංවිධානයේ 2025 වාර්තාවකට අනුව, එම වසර තුළ ඊජිප්තුවේ මරණ දඬුවම් 492ක් නියම වී ඇති අතර පුද්ගලයින් 23 දෙනෙකුට දඬුවම ක්‍රියාත්මක කර තිබෙනවා.

මූලාශ්‍රය - බීබීසී
Share This Article
Hiru Tv Blog
මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයින පුරා පිහිටි...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top