ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩා ඉතිහාසයේ ඓතිහාසික රන් සටහන.. ඩයමන්ඩ් ලීග් දියමන්ති කුසලානය රුමේෂ් තරංග ජයගනී..
Sunday, 06 September 2026 - 8:17 | Views - 28
ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින්, ලෝක ප්‍රකට ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ කිරුළ හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වුණා.

බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවැති මෙම තීරණාත්මක අවසන් මහා තරගයේදී මීටර් 89.04ක අතිවිශිෂ්ට දුරක් වාර්තා කරමින් ඔහු මෙම ඓතිහාසික ජයග්‍රහණය තහවුරු කරගත්තා. තරගයේ දෙවැනි ස්ථානය මීටර් 87.47ක දුරක් වාර්තා කළ පෝලන්තයේ ඩේවිඩ් වැග්නර් හිමිකරගත් අතර, මීටර් 83.99ක දුරක් සටහන් කළ ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබැගෝ හි කෙෂෝන් වෝල්කොට් හට හිමිවූයේ තෙවැනි ස්ථානයයි.

අදියර 15කින් සමන්විත වූ මෙවර ඩයමන්ඩ් ලීග් තරගාවලිය පුරා ඉහළම දක්ෂතා දක්වමින් වැඩිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව හිමිකරගත් ක්‍රීඩකයා ලෙස අවසන් තරගයට පිවිසි රුමේෂ්, 2026 වසරේ ලොව හොඳම දක්ෂතාව සටහන් කළ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයා ලෙසද මෙම තරග බිමට පිවිසීම විශේෂත්වයක්.

ලෝකයේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් අභිබවා යමින් රුමේෂ් තරංග ලබාගත් මෙම ජයග්‍රහණය, ශ්‍රී ලාංකේය ක්‍රීඩා ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයේ ඉහළටම ඔසවා තැබූ අභිමානවත් මොහොතක් ලෙස ඉතිහාසයට එක්වෙනවා.
Share This Article
Hiru Tv Blog
මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයින පුරා පිහිටි...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top