73 වන ලෝක රූ රැජින කිරුළ ඩොමිනිකන් ජනරජයට.. ලෝක රූප සුන්දරියන් අභිබවා ගිය ජොහෙයිරි මොලා කිරුළ දිනාගනී..
Sunday, 06 September 2026 - 8:10 | Views - 100
ලොව පුරා අතිශය ජනප්‍රිය සහ අවධානය දිනාගත් 73 වන ලෝක රූ රැජින (Miss World 2026) කිරුළ දිනා ගැනීමට ඩොමිනිකන් ජනරජය නියෝජනය කළ ජොහෙයිරි මොලා ඩොමින්ගෙස් (Joheirry Mola Dominguez) අද (05) සමත් වුණා.

ලොව පුරා රටවල් රැසක රූප සුන්දරියන් එකිනෙකා පරයා තරග වැදුණු මෙම අතිඋත්කර්ෂවත් අවසන් මහා තරගයේදී, සියලු තරගකාරියන් අභිබවා යමින් සිය කුසලතාව සහ රූප සපුව ප්‍රදර්ශනය කළ ඇය මෙලෙස 2026 ලෝක රූ රැජින ලෙස නිල වශයෙන් අභිෂේක ලැබුවා.

මෙම අවසන් මහා තරගාවලියේදී ප්‍රබල තරගයක් දුන් ස්පාඤ්ඤයේ එලිසබෙත් රේනස් (Elisabeth Reynes) දෙවන ස්ථානය (First Runner-up) හිමිකර ගත් අතර, මැලේසියාව නියෝජනය කළ තානුසියා චෙට්ටි (Taanusiya Chetty) තෙවන ස්ථානය (Second Runner-up) දිනා ගැනීමට සමත්වුණා.

ලෝකයේ අවධානය දිනාගත් මෙම ජයග්‍රහණයත් සමඟ ජොහෙයිරි මොලා වෙත ලොව පුරා සිටින ප්‍රේක්ෂකයින්ගෙන් සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්ගෙන් සුබපැතුම් ගලා එමින් පවතිනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top