දිස්ත්‍රික්ක 7කට දැඩි වියළි කාලගුණයක්.. පුද්ගලයින් 1,15,000කට වැඩි පිරිසක් පීඩාවට..
Saturday, 05 September 2026 - 22:25 | Views - 31
දිවයිනේ ප්‍රදේශ රැසකට පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 7ක පුද්ගලයින් 115,534 දෙනෙකු දැඩි බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

එම සංඛ්‍යාලේඛනවලට අනුව පවුල් 35,149කට අයත් විශාල පිරිසක් මෙලෙස පානීය ජල හිඟය ඇතුළු දෛනික අවශ්‍යතා ඉටු කරගැනීමේ අපහසුතාවලට මුහුණ දී සිටිනවා.

මෙම වියළි කාලගුණයෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කයට වන අතර, එහි පමණක් පුද්ගලයින් 41,360 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව වාර්තා වුණා.
මොණරාගලට අමතරව තවත් දිස්ත්‍රික්ක 6ක ජනතාව මෙලෙස වියළි කාලගුණික තත්ත්වයේ අහිතකර බලපෑම්වලට ලක්ව සිටිනවා.

පවතින තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට අවශ්‍ය පානීය ජලය සැපයීම සහ අනෙකුත් සහන සැලසීමේ කටයුතු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල එක්ව ක්‍රියාත්මක කරමින් පවතිනවා.
Share This Article
Hiru Tv Blog
මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයින පුරා පිහිටි...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top