ගෑස් මිල අඩුවීමෙන් ජනතාවට සහනයක්.. කිරි තේ සහ ප්ලේන් ටී මිල රුපියල් 5කින් පහළට..
Saturday, 05 September 2026 - 20:42 | Views - 29
ලෝක වෙළඳපොළ සහ දේශීය වෙළඳපොළ තත්ත්වයන් මත ගෑස් මිල අඩු කිරීමත් සමඟ, කිරි තේ කෝප්පයක සහ ප්ලේන් ටී කෝප්පයක මිල රුපියල් 5කින් අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය නිවේදනය කරනවා.
අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල පහත හෙළීම සිදු කරන බව එම සංගමය සඳහන් කළා.
දිවයින පුරා පිහිටි සියලුම ආපනශාලා සහ අවන්හල් මඟින් මෙම සහනය පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට කටයුතු කර තිබෙනවා.
කෙසේ වෙතත්, ගෑස් මිල පහළ ගිය ද කෙටි ආහාර (Short Eats) ඇතුළු අනෙකුත් කෑම වර්ගවල මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු නොවන බවයි සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළා.
පවතින අධික ජීවන වියදම හමුවේ දෛනිකව ආපනශාලා භාවිත කරන සාමාන්‍ය ජනතාවට මෙම මිල අඩු කිරීම යම් අස්වැසිල්ලක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
Share This Article