ලෝක සිතියම වෙනස් කිරීමට එක්සත් ජාතීන්ගේ අනුමැතිය.. අප්‍රිකාවේ සැබෑ විශාලත්වය හෙළිවෙයි..
Saturday, 05 September 2026 - 17:18 | Views - 32
අප්‍රිකා මහද්වීපයේ සැබෑ භූමි ප්‍රමාණය වඩාත් නිවැරදිව නිරූපණය වන පරිදි ලෝක සිතියම සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවකට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

“Correct the Map” ලෙස නම් කර ඇති මෙම ඓතිහාසික යෝජනාව ටෝගෝ රාජ්‍යය විසින් ඉදිරිපත් කර ඇති අතර, අප්‍රිකානු සංගමයේ සාමාජික රටවල්, ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් 164ක සහයෝගයෙන් එය සම්මත වී ඇති බව BBC පුවත් සේවය සඳහන් කළා.

කෙසේ වෙතත්, මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය ලබාදී ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදය පමණක් වන අතර රටවල් 6ක් ඡන්දය දීමෙන් වැළකී සිට තිබෙනවා.

16 වන සියවසේ (1569) ෆ්ලෙමිෂ් සිතියම් විද්‍යාඥ ජෙරාඩස් මර්කේටර් විසින් නිර්මාණය කරන ලද Mercator සිතියම් ආකෘතිය මඟින් අප්‍රිකාව ග්‍රීන්ලන්තයට ආසන්න ප්‍රමාණයකින් පෙන්වන බවට දීර්ඝ කාලයක් තිස්සේ විවේචන එල්ල වුණා.

සැබැවින්ම අප්‍රිකා මහද්වීපය ග්‍රීන්ලන්තයට වඩා 14 ගුණයකින් පමණ විශාල වුවද, එම පැරණි ආකෘතිය නිසා එහි සැබෑ විශාලත්වය නිවැරදිව නිරූපණය වූයේ නැත.

මෙම අසාධාරණය නිවැරදි කිරීම සඳහා “Equal Earth” ලෙස හඳුන්වන වඩාත් සාධාරණ භූමි ප්‍රමාණ නිරූපණයක් සහිත සිතියම් ආකෘතියක් 2018 වසරේදී සිතියම් විද්‍යාඥයන් විසින් නිර්මාණය කර තිබෙනවා.

මෙම වසරේ පෙබරවාරි මාසයේදී අප්‍රිකානු සංගමයේ සාමාජික රටවල් 54ම එම නව ආකෘතිය පිළිගෙන ඇති අතර, ප්‍රංශ විදේශ අමාත්‍ය ජීන්-නොඑල් බැරෝ ද Mercator සිතියම භාවිතයෙන් ඉවත් වීමට පියවර ගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයින පුරා පිහිටි...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top