එයාර්බස් ගනුදෙනුවේ කෝටි 10ක අල්ලස් චෝදනාව.. නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාරයට..
Friday, 04 September 2026 - 18:00 | Views - 47
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමට අදාළ එයාර්බස් ගනුදෙනුවේදී සිදුවූ බව කියන රුපියල් මිලියන 100ක (කෝටි 10ක) අල්ලස් ලබාගැනීමේ චෝදනාවකට අදාළව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

ඒ ඔහු අද (04) උදෑසන අදාළ විමර්ශනයට ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී යි.

සිංගප්පූරුවේ ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුවේ BIZ Solutions INC නැමති ගිණුමට අල්ලස් ලෙස ලද යුරෝ 1,454,651.24 ක මුදලින්, ඇමෙරිකානු ඩොලර් 800,000 ක් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකුට අයත් Sabre Vision Holdings LTD නමැති සමාගමේ ගිණුමකට තැන්පත් කරවාගෙන, ඊට සමාන රුපියල් මිලියන 100ක මුදලක් අවස්ථා කිහිපයකදී ලබාගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ක්‍රියාත්මකයි.
Share This Article
Hiru Tv Blog
මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයින පුරා පිහිටි...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top