වියළි කාලගුණයෙන් පීඩාවට පත් ගොවි ජනතාවට සහනයක්.. වගා හානි වන්දි ගෙවීම අද සිට ඇරඹෙයි.
Friday, 04 September 2026 - 17:46 | Views - 38
දිවයින පුරා පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීමේ කටයුතු අද (04) සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

ඒ අනුව, පළමු අදියර යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විපතට පත් ගොවීන් සඳහා වන රක්ෂණ වන්දි මුදල් අද දින අදාළ බැංකු ගිණුම් වෙත ඍජුවම බැර කිරීමට කටයුතු සලසා තිබෙනවා.

මීට අමතරව, බලපෑමට ලක්වූ අනෙකුත් සියලුම දිස්ත්‍රික්කවල ගොවීන් සඳහා මේ මස 15 වැනිදාට ප්‍රථම සියලුම වගා හානි වන්දි මුදල් ගෙවා නිම කිරීමට සැලසුම් කර තිබෙනවා.

පැවති අහිතකර වියළි කාලගුණය හේතුවෙන් හම්බන්තොට, අම්පාර, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල වගා කර තිබූ වී, බඩඉරිඟු ඇතුළු අතිරේක භෝග වගාවන් රැසකට දැඩි ලෙස හානි සිදු වී තිබෙනවා.

මෙලෙස අසරණ වූ ගොවි ජනතාව නැවත නැගී සිටුවීම වෙනුවෙන් රුපියල් මිලියන 3,000ක අතිවිශාල මුදලක් වගා හානි වන්දි ලෙස වෙන් කිරීමට පියවර ගත් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයින පුරා පිහිටි...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top