සෝමාවතිය රක්ෂිතයේ සිදුවූ අභිරහස් අතුරුදන්වීම.. වන අලි මැද රාත්‍රිය ගසක් යට ගත කළ තරුණියගේ කතාව..
Friday, 04 September 2026 - 15:54 | Views - 52
සෝමාවතිය චෛත්‍ය මාර්ගයේ පිහිටි සුංගාවිල රක්ෂිතයේදී අතුරුදන්ව සිටි 19 හැවිරිදි තරුණියක් දින දෙකකට පසු කිසිදු හානියක් නොමැතිව නිරුපද්‍රිතව සොයාගැනීමට පුලස්තිගම පොලිසිය, වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් සමත්ව තිබෙනවා.

වැලිකන්ද, මොනරතැන්න ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය පසුගිය 2 වනදා හිතවතෙකු සමඟ යතුරුපැදියකින් පැමිණ සුංගාවිල රක්ෂිතය ආසන්නයේදී යතුරුපැදිය නවතා කැලෑවට ඇතුළු වී ඇති අතර, එහිදී දෙදෙනා වෙන්වීම නිසා ඇය අතරමං වී තිබෙනවා.

රක්ෂිතය අසල හිමිකරුවෙකු නැති යතුරුපැදියක් තිබෙන බවට ලැබුණු තොරතුරක් මත පොලිසිය ප්‍රථමයෙන් අදාළ තරුණයා අත්අඩංගුවට ගත් අතර, පසුව පොලිස් හා වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් 125 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබුණා.

කැලෑවේ වන අලි සැරිසැරුවද රාත්‍රී කාලයේ ගසක් යට රැඳී සිටිමින් තමන් සතුව තිබූ ජල බෝතලයේ ජලය පානය කරමින් කැලෑවෙන් පිටතට පැමිණි බව මෙහෙයුම අතරතුර තඹාල වැව ආසන්නයේ සිටියදී සොයාගත් තරුණිය ප්‍රකාශ කර තිබෙනවා.

දෙමාපියන් වෙත භාරදීමෙන් පසු වැඩිදුර පරික්ෂා සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කළ මෙම තරුණිය සමඟ කැලෑවට ගිය තරුණයා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුලස්තිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Share This Article
Hiru Tv Blog
මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයින පුරා පිහිටි...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top