රටම අවදියෙන් සිටිය යුතු බරපතල සමාජ අර්බුදයක්.. වසර 5ක් තුළ සිසුන් 265,000ක් පාසල් හැර යයි..
Friday, 04 September 2026 - 15:39 | Views - 30
පසුගිය වසර පහක කාලය ඇතුළත පළමු ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබමින් සිටි සිසු සිසුවියන් 265,000කට ආසන්න අතිවිශාල පිරිසක් පාසල් අධ්‍යාපනය අතහැර ගොස් ඇති බව පුනරුත්ථාපන කාර්යාංශය අනාවරණය කරනවා.

අද (03) කොළඹදී පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම කාර්යාංශයේ පාලක සභාවේ සභාපති මහාචාර්ය වසන්තා සුබසිංහ සඳහන් කළා.

තරුණ තරුණියන් විශාල පිරිසක් සීඝ්‍රයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම බව මෙලෙස සිසු සිසුවියන් පාසල් හැර යාමට ප්‍රධානතම හේතුව වී තිබෙනවා.

මෙලෙස අඩාල වන පාසල් ගමන හේතුවෙන් දරුවන් සහ තරුණ පරපුර මත්ද්‍රව්‍ය භාවිතය ඇතුළු විවිධාකාර නොපනත්කම් සහ අවදානම් තත්ත්වයන්ට යොමුවීම වැළැක්වීම සඳහා ක්ෂණික හා කඩිනම් ජාතික මට්ටමේ වැඩපිළිවෙළක අවශ්‍යතාවද ඇය මෙහිදී දැඩි ලෙස අවධාරණය කළා.

මෙරට අනාගත පරපුර මුහුණ දී සිටින මෙම අතිශය බරපතල සමාජ හා අධ්‍යාපනික අර්බුදය කෙරෙහි බලධාරීන්ගේ මෙන්ම දෙමාපියන්ගේ ද කඩිනම් අවධානය යොමු විය යුතු බව පුනරුත්ථාපන කාර්යාංශය වැඩිදුරටත් පෙන්වා දුන්නා.
Share This Article
Hiru Tv Blog
මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයින පුරා පිහිටි...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top