රටම අවදියෙන් සිටිය යුතු බරපතල සමාජ අර්බුදයක්.. වසර 5ක් තුළ සිසුන් 265,000ක් පාසල් හැර යයි..
පසුගිය වසර පහක කාලය ඇතුළත පළමු ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබමින් සිටි සිසු සිසුවියන් 265,000කට ආසන්න අතිවිශාල පිරිසක් පාසල් අධ්‍යාපනය අතහැර ගොස් ඇති බව පුනරුත්ථාපන කාර්යාංශය අනාවරණය කරනවා.
අද (03) කොළඹදී පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම කාර්යාංශයේ පාලක සභාවේ සභාපති මහාචාර්ය වසන්තා සුබසිංහ සඳහන් කළා.
තරුණ තරුණියන් විශාල පිරිසක් සීඝ්‍රයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම බව මෙලෙස සිසු සිසුවියන් පාසල් හැර යාමට ප්‍රධානතම හේතුව වී තිබෙනවා.
මෙලෙස අඩාල වන පාසල් ගමන හේතුවෙන් දරුවන් සහ තරුණ පරපුර මත්ද්‍රව්‍ය භාවිතය ඇතුළු විවිධාකාර නොපනත්කම් සහ අවදානම් තත්ත්වයන්ට යොමුවීම වැළැක්වීම සඳහා ක්ෂණික හා කඩිනම් ජාතික මට්ටමේ වැඩපිළිවෙළක අවශ්‍යතාවද ඇය මෙහිදී දැඩි ලෙස අවධාරණය කළා.
මෙරට අනාගත පරපුර මුහුණ දී සිටින මෙම අතිශය බරපතල සමාජ හා අධ්‍යාපනික අර්බුදය කෙරෙහි බලධාරීන්ගේ මෙන්ම දෙමාපියන්ගේ ද කඩිනම් අවධානය යොමු විය යුතු බව පුනරුත්ථාපන කාර්යාංශය වැඩිදුරටත් පෙන්වා දුන්නා.