ශිෂ්‍යත්ව සමතුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්.. 2027 වසරේ 6 ශ්‍රේණියට පාසල් ඉල්ලුම්පත් මාර්ගගත ක්‍රමයට..
Friday, 04 September 2026 - 14:56 | Views - 49
2026 වසරේ පවත්වන ලද 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පදනම් කරගනිමින් 2027 වර්ෂයේ 6 ශ්‍රේණිය සඳහා සිසුන් පාසල්වලට ඇතුළත් කිරීමට අදාළ කටයුතු සංවිධානය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඒ අනුව, සිසුන්ට නව පාසල් ලබාදීමේ ක්‍රියාවලිය සඳහා වන අයදුම්පත් මෙවර මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ විදුහල්පතිවරුන් මාර්ගයෙන් කැඳවීමට කටයුතු යොදා තිබෙනවා.

මෙම මාර්ගගත අයදුම්පත් කැඳවනු ලබන නිශ්චිත දින වකවානු, ඊට අදාළ මාර්ගෝපදේශ සහ වැඩිදුර උපදෙස් මාලාව ඉදිරියේදී නිල වශයෙන් නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

මෙම නව අන්තර්ජාල ක්‍රමවේදය ඔස්සේ පාසල් ඉල්ලුම් කිරීමේ ක්‍රියාවලිය වඩාත් විනිවිදභාවයෙන් සහ පහසුවෙන් සිදු කිරීමට දෙමාපියන්ට මෙන්ම විදුහල්පතිවරුන්ට ද අවස්ථාව හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
Share This Article
Hiru Tv Blog
මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයින පුරා පිහිටි...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top