සෙල්ලම් කරමින් සිටියදී අත්වූ අවාසනාවන්ත ඉරණම.. සියඹලා ඇටයක් උගුරේ සිරවී 7 හැවිරිදි කුඩා දියණියක් මෙලොව හැරයයි..
සියඹලා ඇටයක් උගුරේ සිරවීමෙන් අවුරුදු හතක කුඩා දැරියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වීමේ අතිශය සංවේදී පුවතක් ගලහා ප්‍රදේශයෙන් වාර්තා වුණා.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ගලහා, නිල්ලඹ, කුරුකැලේ ප්‍රදේශයේ පදිංචිව සිටි සනුදි ලක්ෂාණි නමැති 07 හැවිරිදි දියණියයි.
ඊයේ (02) සවස්වරුවේ ඇය සිය සොහොයුරියන් සමඟ නිවසේ සෙල්ලම් කරමින් සිට තිබෙනවා.
එම අවස්ථාවේදී දෙමාපියන්ට නොදැනෙන සේ කුස්සියේ තිබූ සියඹලා ටිකක් ගෙන සෙල්ලම් කරමින් සිටියදී, සියඹලා ඇටයක් කෑමට යාමේදී එය උගුරේ සිරවී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වුණා.
දරුවාගේ උගුරේ සියඹලා ඇටය සිරවී ඇති බව දැනගත් වහාම නිවසේ සිටි මව සහ ඥාතීන් එකතු වී ඇයව බේරාගැනීම සඳහා ලොරි රථයකින් පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත රැගෙන යාමට පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, රෝහලට රැගෙන යන අතරතුරදීම දැරිය අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුණා.
මියගිය දියණියගේ දේහය මේ වන විට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ තබා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගලහා පොලිසිය මඟින් වැඩිදුර පරීක්ෂණ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබනවා.