සෙල්ලම් කරමින් සිටියදී අත්වූ අවාසනාවන්ත ඉරණම.. සියඹලා ඇටයක් උගුරේ සිරවී 7 හැවිරිදි කුඩා දියණියක් මෙලොව හැරයයි..
Thursday, 03 September 2026 - 15:37 | Views - 54
සියඹලා ඇටයක් උගුරේ සිරවීමෙන් අවුරුදු හතක කුඩා දැරියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වීමේ අතිශය සංවේදී පුවතක් ගලහා ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ගලහා, නිල්ලඹ, කුරුකැලේ ප්‍රදේශයේ පදිංචිව සිටි සනුදි ලක්ෂාණි නමැති 07 හැවිරිදි දියණියයි.

ඊයේ (02) සවස්වරුවේ ඇය සිය සොහොයුරියන් සමඟ නිවසේ සෙල්ලම් කරමින් සිට තිබෙනවා.

එම අවස්ථාවේදී දෙමාපියන්ට නොදැනෙන සේ කුස්සියේ තිබූ සියඹලා ටිකක් ගෙන සෙල්ලම් කරමින් සිටියදී, සියඹලා ඇටයක් කෑමට යාමේදී එය උගුරේ සිරවී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වුණා.

දරුවාගේ උගුරේ සියඹලා ඇටය සිරවී ඇති බව දැනගත් වහාම නිවසේ සිටි මව සහ ඥාතීන් එකතු වී ඇයව බේරාගැනීම සඳහා ලොරි රථයකින් පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත රැගෙන යාමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, රෝහලට රැගෙන යන අතරතුරදීම දැරිය අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුණා.

මියගිය දියණියගේ දේහය මේ වන විට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ තබා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගලහා පොලිසිය මඟින් වැඩිදුර පරීක්ෂණ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබනවා.
Share This Article
Hiru Tv Blog
මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයින පුරා පිහිටි...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top