කතරගම පොලිස් වසමෙන් වාර්තා වූ අවාසනාවන්ත සිදුවීම.. බුත්තල පාරේ බස් රථයකට වන අලි ප්‍රහාරයක්..
Thursday, 03 September 2026 - 14:53 | Views - 60
කතරගම පොලිස් වසමට අයත් කතරගම-බුත්තල ප්‍රධාන මාර්ගයේ විදුලි වැට මුරපොල ආසන්නයේදී අද (03) දහවල් 11:00 ට පමණ වන අලියෙකු පහරදීමෙන් පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් බරපතල අනතුරක් සිදු වී තිබෙනවා.

හලාවත ප්‍රදේශයේ සිට කතරගම වන්දනාමාන කටයුතු සඳහා පැමිණ නැවත නිවාස බලා බුත්තල දෙසට ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයකට මෙලෙස හදිසියේම වන අලියා විසින් ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

වන අලියාගේ පහරදීමත් සමඟම පාලනය කරගත නොහැකි වූ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදී එහි වන්දනාකරුවන් ඇතුළු මගීන් 40 දෙනෙකු පමණ ගමන් කරමින් සිට තිබෙනවා.

අනතුරෙන් තුවාල ලැබූ මගීන් 10 දෙනෙකු පමණ වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් සහ පොලිසිය එකතු වී ප්‍රතිකාර සඳහා කතරගම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා. රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලිසිය මඟින් වැඩිදුර පරීක්ෂණ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා.
Share This Article
Hiru Tv Blog
මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයින පුරා පිහිටි...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top