බොරැල්ල සහස්පුරේදී නොසිතූ සිදුවීමක්.. අණ නොතකා ගිය ත්‍රිරෝද රථයකට පොලිසියෙන් වෙඩි..
බොරැල්ල - සහස්පුර ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා නීතිවිරෝධී ලෙස ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා.
අදාළ ත්‍රිරෝද රථය කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ සිට පැමිණ ඇති අතර, මාර්ගයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් විසින් එම රථය පරීක්ෂා කිරීම සඳහා නවත්වන ලෙසට අණ කර තිබෙනවා.
කෙසේ වෙතත්, පොලිස් අණ ගණනකට නොගනිමින් ත්‍රිරෝද රථය පලාගොස් ඇති අතර, පොලිස් නිලධාරීන් කොම්පඤ්ඤවීදියේ සිට බොරැල්ල දක්වා සැකකටයුතු ත්‍රිරෝද රථය පසුපස හඹාගොස් තිබෙනවා.
එහිදීත් රථය නතර නොකිරීම හේතුවෙන් සහස්පුර ප්‍රදේශයේදී පොලිසිය විසින් ත්‍රිරෝද රථයට වෙඩි තබා ඇති බව වාර්තා වුණා.
එල්ල වූ වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර, ත්‍රිරෝද රථයේ සිටි සැකකරුවන් 05 දෙනෙකු තියුණු ආයුධ ද සමඟින් එම ස්ථානයේදීම අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.
අදාළ සැකකරුවන් පිරිස කිසියම් මහා පරිමාණ අපරාධයක් සිදුකිරීමේ අරමුණින් මෙලෙස තියුණු ආයුධ ද සඟවාගෙන ත්‍රිරෝද රථයෙන් ගමන් කර ඇති බව පසුව සිදුකළ මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පොලිස් වසම මඟින් වැඩිදුර පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මකයි.