අභිමානවත් 160 වැනි පොලිස් දිනය අදයි.. අද සහ හෙට ප්‍රධාන වැඩසටහන් රැසක්..
ශ්‍රී ලංකා පොලිස් සේවයේ අභිමානවත් 160 වැනි පොලිස් දිනය අදට (03) යෙදී තිබෙනවා.
මෙම අභිමානවත් දිනය නිමිත්තෙන් විශේෂ සංවත්සර වැඩසටහන් කිහිපයක්ම අද සහ හෙට යන දෙදින තුළ සංවිධානය කර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළා.
160 වැනි පොලිස් දිනයට සමගාමීව, පොලිස්පති ප්‍රියන්ත විජේසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොලිස් ධජවලට සෙත් පැතීමේ විශේෂ ආගමික මහෝත්සවය ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරිපිටදී උත්සවශ්‍රීයෙන් පවත්වා තිබෙනවා.
එමෙන්ම, සමස්ත පොලිස් නිලධාරීන්ට සහ පොලිස් සේවයට ආශිර්වාද පතා රුවන්වැලි මහා සෑ රජුන් අබියසදී විශේෂ පිරිත් දේශනාවක් ද පවත්වා ඇති බව වාර්තා වුණා.
වසර 160ක සාමය සහ නීතිය සුරැකීමේ අභිමානවත් ඉතිහාසයට උපහාර දක්වමින් දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන මට්ටමින් ද විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.