අභිමානවත් 160 වැනි පොලිස් දිනය අදයි.. අද සහ හෙට ප්‍රධාන වැඩසටහන් රැසක්..
Thursday, 03 September 2026 - 10:04 | Views - 35
ශ්‍රී ලංකා පොලිස් සේවයේ අභිමානවත් 160 වැනි පොලිස් දිනය අදට (03) යෙදී තිබෙනවා.

මෙම අභිමානවත් දිනය නිමිත්තෙන් විශේෂ සංවත්සර වැඩසටහන් කිහිපයක්ම අද සහ හෙට යන දෙදින තුළ සංවිධානය කර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළා.

160 වැනි පොලිස් දිනයට සමගාමීව, පොලිස්පති ප්‍රියන්ත විජේසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොලිස් ධජවලට සෙත් පැතීමේ විශේෂ ආගමික මහෝත්සවය ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරිපිටදී උත්සවශ්‍රීයෙන් පවත්වා තිබෙනවා.

එමෙන්ම, සමස්ත පොලිස් නිලධාරීන්ට සහ පොලිස් සේවයට ආශිර්වාද පතා රුවන්වැලි මහා සෑ රජුන් අබියසදී විශේෂ පිරිත් දේශනාවක් ද පවත්වා ඇති බව වාර්තා වුණා.

වසර 160ක සාමය සහ නීතිය සුරැකීමේ අභිමානවත් ඉතිහාසයට උපහාර දක්වමින් දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන මට්ටමින් ද විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයින පුරා පිහිටි...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top