පලතුරු ගොවීන්ට සුබ ආරංචියක්.. පලතුරු වගාවන් සඳහා නව රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙයි..
Thursday, 03 September 2026 - 9:27 | Views - 44
මෙරට පලතුරු වගාකරුවන් මුහුණ දෙන ස්වාභාවික ආපදා සහ වගා හානි වෙනුවෙන් මූල්‍යමය ආරක්ෂාව සැලසීමේ අරමුණින් නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.
මෙම නව රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ අන්නාසි, පැපොල් සහ කෙසෙල් ඇතුළු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් විශේෂයෙන්ම නිර්දේශිත පලතුරු භෝග රැසක් රක්ෂණය කර ගැනීමේ පූර්ණ අවස්ථාව ගොවි ජනතාවට හිමිවනවා.
මෙහිදී රක්ෂණාවරණය ලබාගැනීම සඳහා අදාළ මූලික රක්ෂිත මුදලින් සියයට 7ක (7%) සුළු මුදලක් පමණක් වාරිකයක් ලෙස ගෙවීමට පහසුකම් සලසා දී තිබීම විශේෂත්වයක්.
ස්වාභාවික විපත්, කාලගුණික විපර්යාස සහ රෝගකාරක හේතුවෙන් පලතුරු වගාවන්ට සිදුවන හානිවලදී ගොවීන් වැටෙන අපහසුතාවලින් මුදාගෙන ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙම පියවර මහත් රුකුලක් වනු ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විශ්වාසය පළ කරනවා.
Share This Article