අද සිට කාලගුණයේ වෙනසක්.. ප්‍රදේශ රැසකට වැසි සහ ගිගුරුම් සහිත කාලගුණයක්..
Thursday, 03 September 2026 - 8:09 | Views - 64
අද (03) සිට ඉදිරි දින කිහිපය ඇතුළත දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත් ඇතුළුව පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ද පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි හටගත හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර, දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු 28 වැනිදා සිට සැප්තැම්බර් 07 වැනිදා දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතිනවා.

ඒ අනුව අද දින දහවල් 12:09ට මාදම්පේ, තෝරයාය, තොටගමුව, රත්තොට සහ කලවංචිකුඩි යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව ද වාර්තා වනවා.
Share This Article
Hiru Tv Blog
මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයින පුරා පිහිටි...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top