ජපානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ පරිත්‍යාගයක්.. පොදු ප්‍රවාහනය වෙනුවෙන් පත්ල පහත් බස් රථ 7ක් දිවයිනට..
Wednesday, 02 September 2026 - 18:16 | Views - 37
ජපන් රජය සහ ශ්‍රී ලංකාව අතර පවතින අඛණ්ඩ ද්විපාර්ශ්වික සංවර්ධන සහයෝගීතාව තවදුරටත් තහවුරු කරමින් මෙරට පොදු ප්‍රවාහන සේවාව නංවාලීම සහ නවීකරණය කිරීම සඳහා විශේෂ පත්ල පහත් (Low-floor) බස් රථ 7ක් පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබෙනවා.

ජපන් රජයේ සහ ජපානයේ යොකොහමා නගරයේ (Yokohama City) වැසියන්ගේ ඒකාබද්ධ පරිත්‍යාගයක් ලෙසයි මෙම බස් රථ ශ්‍රී ලංකාව වෙත ලබා දී තිබෙනවා.

විශේෂයෙන්ම ආබාධිත තැනැත්තන්, වයෝවෘද්ධ පිරිස් සහ කුඩා දරුවන්ට පහසුවෙන් ගොඩවීමට සහ බැසීමට හැකි වන පරිදි මෙම බස් රථ නිෂ්පාදනය කර තිබීම විශේෂත්වයක්.

අදාළ බස් රථ 7 ශ්‍රී ලංකා රජය වෙත නිල වශයෙන් භාරදීමේ විශේෂ උත්සවය ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමොටා (Akio Isomata)ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

මෙම පත්ල පහත් බස් රථ මෙරට මගී ප්‍රවාහන සේවාව වඩාත් කාර්යක්ෂම හා සුවපහසු මට්ටමකට නැංවීම සඳහා ඉදිරියේදී යෙදවීමට නියමිත බව වාර්තා වුණා.
Share This Article
Hiru Tv Blog
මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයින පුරා පිහිටි...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top