නියඟය දුරුකර රටට වැසි පතමින් ආගමික මෙහෙයක්.. අභයාරාමයේ වැහි පිරිත අද ඇරඹෙයි..
Wednesday, 02 September 2026 - 14:30 | Views - 100
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති දැඩි නියං තත්ත්වය දුරු කරමින් රටට ඉක්මනින් වැසි ලැබීමේ අරමුණින් වැහි පිරිත සජ්ජායනය කිරීමේ විශේෂ ආගමික වැඩසටහන අද (02) සිට ආරම්භ කරන බව නාරාහේන්පිට අභයාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හිමියන් පවසනවා.

ඒ අනුව, අද රාත්‍රී 7.30ට නාරාහේන්පිට අභයාරාම පුරාණ විහාරස්ථාන පරිශ්‍රයේදී මෙම පිරිත් සජ්ජායනාව ආරම්භ කිරීමට සියලු කටයුතු යොදා ඇති බව උන්වහන්සේ සඳහන් කළා.

සම්පූර්ණයෙන්ම රටට සෙත් පතමින් දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන පරිදි මෙම වැහි පිරිත ලක්ෂවාරයක් සජ්ජායනා කිරීමට බලාපොරොත්තු වන බව උන්වහන්සේ අප කළ විශේෂ විමසීමකදී වැඩිදුරටත් පැහැදිලි කළා.

එසේම මීට පෙර වසරවලදී ද මෙරටට දැඩි නියං තත්ත්වයන් සහ වියළි කාලගුණයක් ඇති වූ අවස්ථාවලදී අභයාරාම විහාරස්ථානයේදී මෙම පිරිත සජ්ජායනා කිරීමෙන් පසු කෙටි කාලයක් ඇතුළත උපරිම ඵල ලැබුණු බවත්, රටට යහපත් වර්ෂාපතනයක් හිමි වූ බවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වැඩිදුරටත් මතක් කර සිටියා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top