නියඟය දුරුකර රටට වැසි පතමින් ආගමික මෙහෙයක්.. අභයාරාමයේ වැහි පිරිත අද ඇරඹෙයි..
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති දැඩි නියං තත්ත්වය දුරු කරමින් රටට ඉක්මනින් වැසි ලැබීමේ අරමුණින් වැහි පිරිත සජ්ජායනය කිරීමේ විශේෂ ආගමික වැඩසටහන අද (02) සිට ආරම්භ කරන බව නාරාහේන්පිට අභයාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හිමියන් පවසනවා.
ඒ අනුව, අද රාත්‍රී 7.30ට නාරාහේන්පිට අභයාරාම පුරාණ විහාරස්ථාන පරිශ්‍රයේදී මෙම පිරිත් සජ්ජායනාව ආරම්භ කිරීමට සියලු කටයුතු යොදා ඇති බව උන්වහන්සේ සඳහන් කළා.
සම්පූර්ණයෙන්ම රටට සෙත් පතමින් දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන පරිදි මෙම වැහි පිරිත ලක්ෂවාරයක් සජ්ජායනා කිරීමට බලාපොරොත්තු වන බව උන්වහන්සේ අප කළ විශේෂ විමසීමකදී වැඩිදුරටත් පැහැදිලි කළා.
එසේම මීට පෙර වසරවලදී ද මෙරටට දැඩි නියං තත්ත්වයන් සහ වියළි කාලගුණයක් ඇති වූ අවස්ථාවලදී අභයාරාම විහාරස්ථානයේදී මෙම පිරිත සජ්ජායනා කිරීමෙන් පසු කෙටි කාලයක් ඇතුළත උපරිම ඵල ලැබුණු බවත්, රටට යහපත් වර්ෂාපතනයක් හිමි වූ බවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වැඩිදුරටත් මතක් කර සිටියා.