මරණය ගැන සැකයක් , නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍රගේ මරණය ගැන පොලිසියෙන් විමර්ශන..
Tuesday, 01 September 2026 - 16:54 | Views - 40

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක වන චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණ පිළියන්දල, වෑවල පිහිටි ව්‍යාපාරිකයෙකුට අයත් නිවසක ඇඳක් මත සැකකටයුතු ලෙස මියගොස් සිටියදී හමුවූ බව පිළියන්දල පොලිසිය පවසනවා.

එහිදී, බත්තරමුල්ල පිහිටි හෝටලයක ඇය විසින් සංවිධානය කරන ලද උත්සවයකින් අනතුරුව, ඊයේ (31) අලුයම ඇය අදාළ ව්‍යාපාරිකයා සමග මෙම නිවසට පැමිණ ඇති බව පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඇය ඇඳ මත මුනින් අතට නිදා සිටින අවස්ථාවේදී අදාළ ව්‍යාපාරිකයා ඇයව අවදි කිරීමට උත්සාහ කර ඇති අතර, ඊට ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් 1990 සුවසැරිය ගිලන් රථ සේවය අමතා ඇති අතර, ස්ථානයට පැමිණි සෞඛ්‍ය සේවකයින් පරීක්ෂා කර ඇය මියගොස් ඇති බව තහවුරු කිරීමෙන් පසු ව්‍යාපාරිකයා විසින් පිළියන්දල පොලිසියට මේ බව පැමිණිලි කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් අප වාර්තාකරු සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයින පුරා පිහිටි...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top