සිවිල් ගුවන් සේවා හිටපු නි. අමාත්‍ය පියංකර ජයරත්නට වසර 07ක සිරදඩුවම්
Tuesday, 01 September 2026 - 16:46 | Views - 35
සිය දේශපාලන පක්ෂ කටයුතුවලට සහභාගී වූ පක්ෂ ආධාරකරුවන් පිරිසකට ශ්‍රී ලංකා කේටරින් සමාගමට අයත් රුපියල් 330,000 ක මුදලක් වැය කර ආහාර ලබාදීමෙන් රජයට පාඩු කිරීමේ සිද්ධියට අදාලව වරදකරු කළ හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට බරපතල වැඩ සහිත වසර 07ක සිරදඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු මොහ‍ොමඩ් මිහායිල් අද (01) නියම කළා.

විත්තිකරුට එරෙහි චෝදනා දෙකට වසර 07 බැගින් වසර 14ක සිරදඩුවම එකවර ගෙවී යන ලෙසයි එම නියෝගයේ සදහන් වුණේ.

පළමු චෝදනාවට වසර 7ක බරපතල වැඩ සහිත දඩුවමක් නියම කළ අධිකරණය රුපියල් ලක්ෂයක දඩයක් ද නියම කළා.

එමෙන්ම එම දඩය නොගෙවන්නේ නම් මාස 06ක බලපතල වැඩ සහිත සිරදඩුවමක් ද අධිකරණයෙන් නියම කළා.

දෙවැනි චෝදනාවට වසර 07ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කළ අධිකරණය රුපියල් ලක්ෂයක දඩයක්ද එය නොගෙවන්නේ නම් අමතර මාස 06ක සිර දඩුවමක් ද නියම කළා.

චුදිත අල්ලස් පනත යටතේ ගොනුකර තිබූ දූෂණය සහ වරදට පෙළඹවීම යන චෝදනා දෙකටම වරදකරු කරමින් මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළා.

ඒ අනුව චුදිත 330,000 ක මුදලක් රජයට පාඩු කර ඇති බවට අධිකරණයෙන් තීන්දු කළා.

අදාල චෝදනාවලට චුදිත අධිකරණය මගින් වරදකරු කිරීමෙන් අනතුරුව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ, අල්ලස් පනතේ 70 වන වගන්තිය ප්‍රකාරව සිදුකළ දූෂණය නම් වරද සදහා වසර 10කට නොඅඩු සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ යුතු බවයි.

මෙහිදි විත්තිකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණයට දැනුම් දුන්නේ, සිය සේවාදායකයාගේ දරුවන් පිටරට ජීවත්වන බවත්, ඔහුගේ භාර්යාව අසනිපයෙන් පසුවන බවත්ය.

එමෙන්ම ඔහුට ජංගම දුරකතනයවත් බැලිය නොහැකි අයුරින් රෝගී වී ඇති බවත්, මේ කරුණු සියල්ල සලකා බලා දඬුවම ලිහිල් කර දෙන ලෙසත් ජනාධිපති නිතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙම චුදිත 2014 වසරේදී සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ, ශ්‍රී ලංකා කේටරින් (SriLankan Catering) සමාගමට අයත් රුපියල් 330,000 ක මුදලක් මරවිල ප්‍රදේශයේ පිහිටි 'ගම්බඩ කේටරර්ස්' (Gambada Caterers) නමැති පෞද්ගලික ආයතනයකට ගෙවන ලෙස එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාට (CEO) බලපෑම් කරමින් රජයට පාඩු සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් මොහුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.
Share This Article
Hiru Tv Blog
මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයින පුරා පිහිටි...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top