දශක දෙකක නිරූපණ මතකයන් ඉතිරි කරමින් නික්ම ගිය සුරූපිනිය.. ප්‍රමුඛ පෙළේ නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි..
Monday, 31 August 2026 - 16:51 | Views - 45
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක, රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ පුහුණුකාරිනියක මෙන්ම රූපවාහිනී ඉදිරිපත් කරන්නියක වන චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණ අද (31) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඇය 46 වන වියෙහි පසුවුණා.
හෘදයාබාධයක් හේතුවෙන් ඇය සිය නිවසේදී මෙලෙස මියගොස් ඇති බව වාර්තා වුණා.
මෙරට මෙන්ම ජාත්‍යන්තර මෝස්තර නිරූපණ තරගාවලි රැසකට සහභාගි වී ඇති ඇය මෝස්තර නිරූපණ උපදේශිකාවක් ලෙස ද කටයුතු කර තිබෙනවා.
දශක දෙකකට වැඩි කාලයක් මෙරට නිරූපණ කලාව සහ රූපලාවන්‍ය ක්ෂේත්‍රය තුළ ප්‍රබල නාමයක් සටහන් කළ ඇය, 2006 වසරේ 'Miss Tourism Model of the World Press Award' ඇතුළු සම්මාන රැසක් හිමිකර ගනිමින් ජාත්‍යන්තරය දක්වා ශ්‍රී ලංකාවේ නාමය ගෙන යාමට සමත් වුණා.
ඇගේ මෙම අකල් වියෝව මෙරට නිරූපණ කලාවට මෙන්ම විලාසිතා ක්ෂේත්‍රයට ද පිරවිය නොහැකි පාඩුවක් වන අතර, කලා ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් සහ ඇගේ ආදරණීය රසිකයන් සිය ශෝකය පළ කර සිටිනවා.
Share This Article