ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නවතම පියවර.. ටැංකි 2ක් යථා තත්ත්වයට, තවත් 3කට ටෙන්ඩර්..
Monday, 31 August 2026 - 12:51 | Views - 61
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතිය යටතේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) වෙත පැවරුණු තෙල් ටැංකි 24 අතුරින් ටැංකි 2ක ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව අවසන් කර ඇති බව එම සංස්ථාව නිල වශයෙන් නිවේදනය කරනවා.

එම ටැංකිවල ධාරිතාව, ක්‍රියාකාරීත්වය සහ නඩත්තු භාවිත මට්ටම පරීක්ෂා කිරීම සඳහා පරීක්ෂණ මට්ටමින් මෙම සංවර්ධන කටයුතු සිදු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ සඳහන් කළා.

ඒ අනුව අදාළ ටැංකි දෙක සම්බන්ධයෙන් සිදුකෙරෙන අත්හදා බැලීම් හා පරීක්ෂණ සියල්ල සාර්ථක වී තිබෙනවා.

තවත් තෙල් ටැංකි 3ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන ටෙන්ඩර් ක්‍රියාවලිය මේ වන විටත් ආරම්භ කර ඇති අතර එය දැනට ලංසු ඇගයීම් මට්ටමේ පවතින බව ඉතිරි ටැංකි ප්‍රතිසංස්කරණය කිරීමේ ඉදිරි සැලසුම් පිළිබඳව අදහස් දක්වමින් කළමනාකාර අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළා.

"අපි තවත් ටැංකි තුනක් සඳහා ටෙන්ඩර් ක්‍රියාවලිය ආරම්භ කර තිබෙනවා. ඒවායේ කටයුතු අවසන් වූ පසු අපි ටැංකි පහක් සංවර්ධනය කර අවසන්. ඉතිරි ටැංකි 19 ද අදියර කිහිපයක් යටතේ මේ ආකාරයෙන්ම සංවර්ධනය කෙරෙනවා" යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඉදිරි ටැංකි තුන ප්‍රතිසංස්කරණය කර අවසන් කිරීම සඳහා වසර දෙකක පමණ කාලයක් ගතවනු ඇති බවට ඇස්තමේන්තු කර තිබෙනවා.

මෙම ටැංකි සංවර්ධන කටයුතුවලට සමාන්තරව ත්‍රිකුණාමලය වරායේ නව ජැටියක් ඉදිකිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර තිබෙනවා.

දැනට සංවර්ධනය කර ඇති ටැංකි දෙකේ සහ ඉදිරියේදී සංවර්ධනය කිරීමට නියමිත ටැංකි තුනෙහි වාණිජ කටයුතු ආරම්භ කරනු ලබන්නේ මෙම නව ජැටියේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වීමෙන් පසුව බව ආචාර්ය නෙත්තිකුමාරගේ පැහැදිලි කළා.

මෙම ටැංකි පහ ප්‍රධාන වශයෙන් විදේශයන් වෙත ඛනිජ තෙල් නිෂ්පාදන අලෙවි කිරීම සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති නමුත්, අවශ්‍යතාවය අනුව දේශීය වෙළඳපොළට තෙල් සැපයීම සඳහා ද ඒවා යොදා ගත හැකියි.

2022 ජනවාරි 4 වැනිදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ, මුළු ටැංකි 99න් ටැංකි 24ක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ද, ටැංකි 14ක් ලංකා IOC සමාගමට ද ලබා දීමට තීරණය කෙරුණා.

ඉතිරි ටැංකි 61 'ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල්' (TPTL) සමාගම වෙත වසර 50ක බදු පදනම මත පැවරුණු අතර, එහි වැඩිම කොටස් හිමිකාරිත්වය (51%) පවතින්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටයි.
Share This Article
Hiru Tv Blog
මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයින පුරා පිහිටි...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top