සුවහසක් රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමක.. ෆිල්ගැස්ටින් එන්නත නැතිව කිමෝ තෙරපි නතර වෙයි..
Monday, 31 August 2026 - 11:59 | Views - 43
මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයින පුරා පිහිටි පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන ප්‍රධාන රෝහල්වල මේ වන විට 'ෆිල්ගැස්ටින්' (Filgrastim) නැමැති අත්‍යවශ්‍ය එන්නත නොමැති වීම හේතුවෙන් කිමෝ තෙරපි (Chemotherapy) ප්‍රතිකාර නතර කිරීමට සිදුව ඇති බව පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

මෙම අර්බුදයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මෙරටට ගෙන්වා තිබූ ෆිල්ගැස්ට්‍රින් එන්නත් 1,60,000ක් අඩංගු බහාලුමේ පිටත ලේබල් අලවා තිබුණ ද, එහි ඇති සිරින්ජර්වල අදාළ ලේබලය නොතිබීමයි. ඒ හේතුවෙන් ඇති වූ තාක්ෂණික ගැටලුව මත එම එන්නත් තොගය රෝහල් වෙත නිකුත් නොකිරීමට වෛද්‍ය සැපයුම් අංශය පියවර ගෙන තිබෙනවා.

රෝහල් පද්ධතිය තුළ හටගත් මෙම හිඟයත් සමඟ පෞද්ගලික ඖෂධසැල් අංශය සතුව තිබූ අදාළ එන්නත් තොග ද මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් වී ඇති බව වාර්තා වුණා.

මෙම බරපතල පිළිකා එන්නත් හිඟය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුවේදී විශේෂ කරුණු පැහැදිලි කිරීමක් සිදු කළා.

එන්නත් සැපයීමට සුදුසුකම් ලැබූ අදාළ සමාගම නැවත අලුතින් අදාළ එන්නත් මිලදී ගෙන මෙරටට ගෙන ඒම සඳහා සති තුනක කාලයක් ගතවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා.

මේ අතර හටගෙන ඇති මෙම හදිසි ඖෂධ හිඟය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා සහ පිළිකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිතයන් අතර පසුගිය සිකුරාදා (28) විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබෙනවා.

පවතින තත්ත්වයට කඩිනම් විසඳුමක් ලෙස එළඹෙන සතිය ඇතුළත ගුවන් මගින් අදාළ එන්නත් මාත්‍රා 15,000ක් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව එහිදී අනාවරණය වී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයින පුරා පිහිටි...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top